ට්‍රම්ප් – උතුරු කොරියානු නායක හමුව ලබන මාසයේ ස්ථිරයි

(කොළඹ, ලංකාපුවත්) – පෙබරවාරි මස අවසානයේ දී දෙවැනි සමුළුව සඳහා අමෙරිකානු ජනාධිපති ‍ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්- අන් මුණ ගැසීම ස්ථිර බව ධවල මන්දිරය නිවේදනය කරයි.

ඔවුන් මෙසේ නිවේදනය කළේ උතුරු කොරියානු නියෝජිත කිම් යොන්ග්- චොල් හා ට්‍රම්ප් හමු වී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුවය.

කෙසේ වුවත් එය පැවැත්වෙන ස්ථානය පිළිබඳව තවමත් අනාවරණය වී නැත. බොහෝ විට එය වියට්නාමයේ දී පැවැත්වෙනු ඇති බවට විශ්වාස කෙරේ.

උතුරු කොරියානු නායකයා විසින් ඔහු හරහා ට්‍රම්ප් වෙත ලිපියක් යොමු කරන්නට ඇති බවට විශ්වාස කෙරේ.

පසුගිය ජූනි මාසයේ දී සිංගප්පූරුවේ පැවැති ඓතිහාසික ට්‍රම්ප්- කිම් හමුවෙන් පසු න්‍යෂටික අවිහරණය පිළිබඳ යම් ප්‍රගතියක් දක්නට ලැබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *