කුමාර් ධර්මසේනට අයි.සී.සී යෙන් සම්මානයක්

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සම්මාන උළෙලේ 2018 වසරේ විනිසුරු ලෙස ඩෙවිඩ් ෂෙපර්ඩ් සම්මානය ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේනට හිමි වෙයි.

කුමාර් ධර්මසේන 2012 වසරේදී අයි.සී.සී. වසරේ විනිසුරු ලෙස සම්මාන හිමිකරගත් අතර මෙවර ඔහු එම සම්මානයෙන් පිදුම් ලබන්නේ දෙවැනි වරටය.

ධර්මසේන මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, 2018 වසර තමන්ට ඉතා තෘප්තිමත් වසරක් වන බවත් මෙම සම්මානය තුළින් තමන් බොහෝ සෙයින් ආදරය කරන රැකියාව දිගටම තරගෙන යාමට පෙළඹීමක් ඇති කර තිබෙන බවත් ය. එසේම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසත් විනිසුරුවරයෙකු ලෙසත් ආඩම්බරයට පත්වන බවද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 1 =