දෙමටගොඩ ‘සියපත් සෙවණ’ අගමැති අතින් ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නාගරික ප්‍රදේශ සුහුරු නාගරික ප්‍රදේශ බවට පත් කිරීමේ අරමුණ පෙරදැරිව නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘථිය මගින් රුපියල් මිලියන 1064 ක වියදමින් දෙමටගොඩ ආරාමය පෙදෙසේ ඉඳි කරන ලද නිවාස ඒකක 266 කින් සමන්විත සියපත් සෙවණ මහල් නිවාස සංකීර්ණයේ දෙවන අදියර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් අද (22) ජනතා අයිතියට පත් කෙරේ.

මෙම අවස්ථාවට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද සහභාගි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *