රු.මිලියන 1080 ක හෙරොයින් කොල්ලුපිටියේ දී අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් මිලියන 1080කට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝ ග්‍රෑම් 90 ක් සමඟ සැකකරුවන් 5 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යබලකාව ඒකාබද්ධව මෙම මෙහෙයුම දියත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක පළමු මහලේ පිහිටි නිවසක දී මෙම හෙරොයින් සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනෙක් අමෙරිකානු ජාතිකයන් වන අතර, ඔවුන් වයස අවුරුදු 29 හා 43 ක් වේ. අනෙක් සැකකරු ඇෆ්ගන්ස්ථාන ජාතිකයෙක් වන අතර ඔහු වයස අවුරුදු 41 ක් බව ද අනාවරණය වී තිබේ.

මේ අතර ලාංකීකයන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්ව ඇත. ඔවුන් වයස අවුරුදු 41 හා 39 ක් වු හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *