කෝලිට ජගත් සම්මාන තුනක්

(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවත්වනු ලබන වාර්ෂික සම්මාන උළෙලේදී වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා පිරිනැමෙන ශ්‍රීමත් ගාර්ෆිල් සෝබර්ස් සම්මානය හා වසරේ ටෙස්ට් ක්‍රීඩකයා, වසරේ එක්දින ක්‍රීඩකයා යන සම්මාන ත්‍රිත්වය දිනා ගැනීමට ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සමත්වෙයි.

එම සම්මාන තුනම දිනාගත් පළමු ක්‍රීඩකයා ලෙස කෝලි ඉතිහාසගත වෙයි.

ඊට අමතරව ඔහු වසරේ ජගත් ටෙස්ට් හා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ද නම් කර තිබෙනවා. කෝලි පසුගිය වසරේදී ටෙස්ට් තරග 13කදී ශතක පහක් හා එක්දින තරග 14 කදී ශතක 06ක් රැස් කර ගැනීමට සමත් විය.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද ලෝක ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නම්කොට ඇත. නම් කළ මේ කණ්ඩායමේ නායකත්වය ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලිට හිමිව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × one =