සර්පිනාවක් ඉල්ලු දෘෂ්‍යාබාධිත දරුවන්ගේ ඉල්ලීම ඉටු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිතුමාගෙන් සර්පිනාවක් ඉල්ලු රුවන්වැල්ල ප‍්‍රදේශයේ පදිංචි දෘෂ්‍යාබාධිත දැරියක් වූ සංජලී නයනතාරා දැරියගේ සහ ඇයගේ දෘෂ්‍යාබාධිත සොහොයුරා වන ගිම්හාන නයනජිත් සිසුවාගේ ඉල්ලීම ඊයේ (22) ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉටුකර දුන්නේ ය.

ජනාධිපති ධුරයට සිව් වසරක් සපිරීම නිමිත්තෙන් පසුගිය ජනවාරි 12 වනදා ජනාධිපතිතුමාට ආශිර්වාද පතා රුවන්වැල්ල ලෙවන්ගම සදානන්ද පිරිවෙන් විහාරස්ථානයේ පැවති වැඩසටහන සඳහා සහභාගීවීමට යන අතරතුර දී ජනාධිපතිතුමා අසලට පැමිණි මෙම දරුවන් තම අහිංසක ඉල්ලීම ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළේය.

එහිදී දරුවන්ට වූ පොරොන්දුව අනුව නව සර්පිනාවක් සහ එම දරුවන්ගේ පවුලේ සුබසාධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් පරිත්‍යාග කිරීම ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා අතින් සිදු විය.

දරුවන්ගේ දෙමාපියන් සමග පා.ම රංජිත් සියඹලාපිටිය මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *