උපතින් ශ‍්‍රව්‍යාබාධිත දේශානී දේවින්දි ජයවර්ධන දියණියට ශ‍්‍රවණාධාර කට්ටලයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉබ්බාගමුව ප‍්‍රදේශයේ පදිංචි උපතින් ශ‍්‍රව්‍යාබාධිත දේශානී දේවින්දි ජයවර්ධන දියණිය වෙත ශ‍්‍රවණාධාර කට්ටලයක් ප‍්‍රදානය කිරීම ද ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා අතින් සිදු විය.

මෙයට වසරකට පමණ පෙර ජනාධිපතිතුමා ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයේ මිගහඇළ විද්‍යාලය වෙත ගිය අවස්ථාවේ තමා විසින් කළ නිර්මාණාත්මක විත‍්‍රයක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරමින් දැරිය කළ ඉල්ලීම අනුව ජනාධිපතිතුමා මෙම ඉල්ලීම ඉටුකර දීමට පියවර ගත්තේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *