(කොළඹ, ලංකාපුවත්) – සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් එක්සත් ජාතීන්ගේ ආසියානු පැසිෆික් කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ හමුවේ ප්‍රධාන දේශනය අද(25) පැවැත්වීමට නියමිතව ඇත.
මෙම සමුළුවට රටවල් 40ක් නියෝජනය කරමින් පරිසර අමාත්‍යවරුන් සහ නියෝජිතයින් සහභාගී වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
එම සමුළුවෙන් අනතුරුව ජනාධිපතිවරයා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලුං මහතා සමගද ද්වී පාර්ශවික සාකච්ඡා අද පැවැත්වීමට නියමිතය. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ සිංගප්පූරු ජනාධිපතිනිය ද හමුවිය.