ප්‍රදේශ කිහිපයකට හෙට පැය 24ක් ජලය කැපේ

(කොළඹ, ලංකාපුවත්) – අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට හෙට(26) පෙරවරු 08.00 සිට අනිද්දා පෙරවරු 08.00 දක්වා පැය 24ක කාලයක් මෙසේ ජල සැපයුම් අත්හිටුවනු ඇත.

ඒ හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබදව කණගාටුව පළකරන බවත් අවශ්‍ය ජලය කල්තබා රැස්කරගන්නා ලෙසත් ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *