‘සේනා‘ නිසා සිදු වූ අස්වනු හානි ගණනය අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – සේනා දළඹු උවදුර හේතුවෙන් සිදු වූ අස්වනු හානි ගණනය කිරීම ඊයේ(24) අනුරාධපුර නාච්චාදුව ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි.

ග්‍රාම නිළධාරි වසම් මට්ටමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර අදාල ග්‍රාම නිළධාරි වසම්වල ඇති පළිබෝධ පාලන කමිටු මේ වැඩපිළිවෙළ සඳහා මූලිකත්වය ලබා දෙයි.

ඒ ඒ ග්‍රාමයන්හි, ගොවිජන සේවා දෙපාර්තමේන්වේ කෘෂීකර්ම පර්යේෂණ සහකාර නිලධාරින්,සමෘද්ධි සංවර්ධන නිළධාරින් ,ස්වේච්ඡා සංවිධින නිළධාරින් ,ගොවි සංවිධාන නිළධාරින්ද මෙම කමිටුවට ඇතුලත් වන අතර මෙම කමිටුව මගින් අස්වනු නෙළන ප්‍රදේශවල සහ වගා ප්‍රදේශවල වගා හානි ප්‍රතිශතය නියම කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ,සේනා දළඹු මර්දන ඒකකයේ ප්‍රධානී අනුර විජේතුංග මහතා කීය.

බඩ ඉරිඟු අස්වනු නෙලන ප්‍රදේශවල අස්වනු සාම්පල් පරික්ෂා කර අස්වනු අඩුවීමේ ප්‍රවණතාව ගණනය කර මෙම වගා හානි තක්සේරු කෙරෙන බවද විජේතුංග මහතා පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් හෙක්ටයාර 22,000ක් පමණ බඩඉරිඟු වගා කර තිබෙන බවත්, මේ වගා බ්ම්වලට සේනා ආක්‍රමණට කර තිබෙන බවත් පැවැසූ විජේතුංග මහතා පෙන්වා දුන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සේනා දළඹු උවදුර මර්දනය සඳහා අනුගමනය කරන ලෙස ලබා දුන් උපදෙස් නිසි ලෙස පිළිපැදි ගොවීන්ගේ බඩ ඉරිඟු අස්වැන්නඉතා හොඳ තත්ත්වයක තිබූ බවයි.

මේ වන විට සේනා දළඹු මර්දනය සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය පියවර රැසක් ගෙන ඇති බවත් ,වගා හානි සඳහා වන්දි ලබා දීමට මුල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් පැවැසූ විජේගුංග මහතා පෙන්වා දුන්නේ ඊළඟට වඩාත්ම අවධානය යොමු කළ යුත්තේ මෙම දළඹුවා වෙනත් භෝග සඳහා පැතිරීම වළක්වා ගැනීම පිළිබඳව බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *