මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මාලාවක් කොත්මලේ

(කොළඹ, ලංකාපුවත්) – මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ මගපෙන්වීම යටතේ කොත්මලේ පොලිසි ස්ථානය මගින් සංවිධානය කල මත් නිවාරණ පාගමන, මහ ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන සහ මත්ද්‍රව්‍ය පිටුදැකීම සදහා පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහාන ඇතුළු වැඩ සටහාන් රැසක් පසුගිය 24වනදින කොත්මලේ දි උත්කර්ෂවත් ලෙස පැවැත්විනි.

නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි එම්.ආර්.එම්.එස්. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් තවලන් තැන්න මංසන්දියේ දි වැඩසටහාන් මාලාවේ ආරම්භය සනිටුහාන් වු අතර කොත්මලේ ගාමිණි දිසානායක ජාතික පාසලේ සහ රම්බොඩ දමිළ විද්‍යාලයේ සිසු සිසුවියන් මත් විරෝධි පාගමනකින් පැමින මෙම උත්සව අවස්ථාවට සම්බන්ඳ වුහ.

මෙහිදි පාසල් සිසුන් විසින් සිංහළ සහ දමිළ භාෂා මාධ්‍ය යෙන් මත් විරෝධි විදි නාට්‍ය දෙකක් රඟ දැක්වීම සිදු විය. කොත්මලේ පොලිස් ස්ථානාධිපති එච්.ඒ. ප්‍රේමලාල් මහතාගේ මග පෙන්වීම යටතේ පොලිස් නිලධාරින්,රාජ්‍ය නිලධාරින් සහ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් විසින් ද තාත්වික ලෙසින් ඉදිරිපත් කළ විදි නාට්‍ය කාගෙත් අවධානයට පත්‍ර විය.

ඉන් අනතුරුව කොත්මලේ ගාමිණි දිසානායක ජාතික පාසලේ දි මත්ද්‍රව්‍ය පිටුදැකීම සදහා පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහාන පැවැත්විනි. මෙ සඳහා පාසල් ළමුන් 250 සහභාගි වු අතර මත් ද්‍රව්‍ය නිවාරණය සහ මත් ද්‍රව්‍ය භාවිතයේ අධිනතාව පිළිබඳව රසවින්දනාත්මක දේශණයක් පැවැත්විනි. නුවරඑළිය ලේකම් කාර්යාලීය මත් නිවාරණ වැඩසටහන වෙනුවෙන් දිස්ත්‍රික් ළමා ආරක්ෂණ නිලධාරි හරේන්ද්‍ර ජයන්ත මහතා සහ දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරි ප්‍රභාත් රත්නායක මහතා විසින් මෙම දේශණය පවත්වන ලදි.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා අශානි රාජකරුණ , ගාමිණි දිසානායක ජාතික පාසලේ විදුහල්පති ප්‍රියන්ත ආරියසේන , කොත්මලේ පොලිස් ස්ථානාධිපති එච්.ඒ. ප්‍රේමලාල් මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − 2 =