ජනාධිපති අරමුදල ලේක්හවුස් ගොඩනැගිල්ලට

(කොළඹ, ලංකාපුවත්) –වඩාත් පුළුල් සහ කාර්යක්ෂම මහජන සේවාවක් සැපයීම සහ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ජනාධිපති අරමුදල නව ගොඩනැගිල්ලක ස්ථාපිත කර තිබේ.

ඒ අනුව නව කාර්යාලය කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවත, ලේක්හවුස් ගොඩනැගිල්ල, 03 වන මහල, අංක 35 දරණ ස්ථානයේ ස්ථාපිත කර ඇත.

නව කාර්යාලයේ කටයුතු ආරම්භ කිරීම පසුගිය 21 වනදා මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සිදු කෙරිණි. ජනාධිපති අරමුදලේ ලේකම් ඩී.ඒ. නානායක්කාර මහතා ඇතුඑ කාර්ය මණ්ඩලය ඊට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *