(කොළඹ, ලංකාපුවත්) –ප්‍රංශයේ පැවති මොන්ටිකාලෝ මෝටර් රථ රැළියේ ජය වාර්තා කිරීමට ප්‍රංශයේ සෙබස්තියන් ඔගියර් සමත්විය.
පසුගිය වසරේ ද ඔහු එම ශූරතාව දිනා ගත්තේය.
මෙම වසර සඳහා පැවැති පළමු ප්රමුඛ පෙළේ මෝටර් රථ රැළිය මෙයයි. මෙහි දෙවැනි ස්ථානය දිනා ගත්තේ බෙල්ජියමේ තියරි නෙවිල් ක්‍රීඩකයායි. එස්තෝනියාවේ ඕට් ටනක් ක්‍රීඩකයාට තුන්වැනි ස්ථානය හිමිවූ අතර බ්‍රිතාන්‍ය ජාතික ක්රිස්මික්, සිව්වැනි ස්ථානයට තරගය අවසන් කළේය.
මීළඟ ලෝක මට්ටමේ මෝටර් රථ රැළිය පෙබරවාරි 14වනදා ස්වීඩනයේ දී ආරම්භ වේ.