මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ නව තේ කර්මාන්ත ශාලාව ජනපති විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) – මුල්ලේරියාව, අඹතලේ ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් (Maxims Holdings) සමාගමේ නව තේ කර්මාන්ත ශාලාව ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

රුපියල් බිලියන 02 ක මුදලක් ආයෝජනය කරමින් ඉදිකර තිඛෙන ලොව දියුණුම තාක්ෂණයෙන් සැදුම්ලත් මෙම නවීනතම තේ කර්මාන්ත ශාලාව, පරිගණකගත නවීන ගබඩා සංකීර්ණය සහ නව්‍යතාවයෙන් යුත් කාර්යාල සංකීර්ණයකින් සමන්විත අතර, යාන්ත්‍රානුසාරයෙන් තේ සැකසීම, ඇසුරුම් නිෂ්පාදනය කිරීම ඇතුථ නව තාක්ෂණික හැකියාවන් රැසකින් අනූනය.

සමරු ඵලකය නිරාවරණය කර කර්මාන්ත ශාලාව විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

මැක්සීම්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *