මැලේසියාවේ නව රජු කිරුළු පළඳියි

(කොළඹ, ලංකාපුවත්) – වසර පහක ධුර කාලය ආරම්භ කරමින් මැලේසියාවේ නව රජු ලෙස පහන්ග් හි සුල්තාන් වරයා කිරුළු පැළඳුවේය.

එරට රජ පවුලේ සාමාජිකයින් විසින් අබ්දුල්ලා සුල්තාන් අහ්මද් ෂාහ් තෝරා ගනු ලැබුවේ පසුගිය සතියේ දීය.

කිරුළු පැළඳීමේ උත්සවයට පැමිණි නව රජු පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අගමැති මහතීර් මොහොමඩ් සහ නියෝජ්‍ය අගමැති වැන් අසිසාහ් වැන් ඉස්මයිල් විසින් පිළිගනු ලැබීය.

යුද හමුදා රාජකීය රෙජිමේන්තු තූර්ය වාදක කණ්ඩායමි විසින් ජාතික ගීය වාදනය කළ අතර නව රජු වෙඩි මුර 21කින් ගෞරවයට පාත්‍ර විය. ඔහු නව ධුරයේ දිව්රුම් දීමෙන් අනතුරුව පෙරක් හි සුල්තාන් නස්රින් ෂාහ් නියෝජ්‍ය රජු ලෙස දිව්රුම් දෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *