රුපියල් කෝටි 02ක් වටින දුම්වැටි පිටකොටුවෙන් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් කෝටි 02ක පමණ වටිනාකමකින් යුත් නීතිවිරෝධී දුම්වැටි තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් පිටකොටුව ඔරලෝසු කණුව අසලදී අත්අඩංගුවට ගෙන ඇත.

එම දුම්වැටි තොගය කන්ටේනර් රථයකින් ප‍්‍රවාහනය කරමින් තිබියදී මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

නැව් අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් මෙම දුම්වැටි සහිත කන්ටේනරය ඩුබායි සිට මෙරටට ගෙන්වා ඇති බව අනාවරණ වී ඇත.

නීතිවිරෝධී අයුරින් එලෙස ගෙන්වා ඇති දුම්වැටි ප‍්‍රමාණය ලක්ෂ 04ක් පමණ වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේය.

අදාළ දුම්වැටි තොගය සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශණ කි‍්‍රයාත්මකව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *