තරුණ පෙනුම රැකගන්න ඩර්ඩන්ස් රූපලාවණ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය

(කොළඹ, ලංකාපුවත්) – සිය රෝගීන්ට ඔවුන්ගේ තරුණ පෙනුම නැවත ලබා දීමෙහිලා සිදු කරන ශල්‍ය සහ ශල්‍යකර්ම නොවන ක්‍රමවේදයන් සදහා අවශ්‍ය සියළුම උපකරණවලින් ඩර්ඩන්ස් රූපලාවණ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය සමන්විත යි. ශල්‍යකර්ම නොවන ක්‍රමවේදයන් සදහා උදෑසන පෙ.ව. 7 සිට විවෘතව පවතින අතර ඕනෑම වේලාවක පහත දුරකථනය ඔස්සේ අවශ්‍යතාවයට සරිලන පරිදි වේලාවක් වෙන් කරවා ගත හැකි ය.

ප්ලේට්ලට් රිච් ප්ලාස්මා (Platelet Rich Plasma) වයසට යාම පාලනය කරන ඉතාමත් සාර්ථක ප්‍රතිකාරයක් වන අතර මෙම ප්‍රතිකාරය සදහා රෝගියාගේම රුධිරයේ ප්‍රෝටීන් භාවිත කරමින් සමේ වර්ධනය වේගවත් කරයි. PRP මගින් සෛල අළුත්වැඩියාව වර්ධනය කරමින් පටක ප්‍රතිජනනයට පහසුකම් සලසයි. මෙම ප්‍රතිකාරය මුහුණේ සම වයසට යාම, ඇස් යට කළු වීම සහ කොණ්ඩය හැලීම යනාදි ගැටළු සදහා ඉතාමත් සුදුසු ය.

මයික්‍රෝ නීඩ්ලින් (Micro Needling) යනු ශල්‍ය නොවන ප්‍රතිකාරයක් වන අතර එය සම රැලි වැටීම වැනි වයස්ගත වීමේ ලක්ෂණ වලින් ආරක්ෂා කරන අතර සමේ ලප කැලල් සහ ඉරි ඇදීම් වළක්වා තරුණ පෙනුම රැක දේ. මෙම ප්‍රතිකාරය මගින් සමේ ස්වාභාවික වර්ධන ක්‍රියාවලිය උත්තේජනය කරන කොලැජන් සහ ඉලැස්ටින් නිපදවයි. මයික්‍රෝ නීඩ්ලින් ප්‍රතිකාරය මුහුණ, බෙල්ල, පපුව, අත් , කකුල් සහ උදරය යන ප්‍රදේශයන් සදහා භාවිත කළ හැකි ය.

ඩර්මල් ෆිලස් (Dermal Fillers) ප්‍රතිකාරය සමේ රැලි, ඉරි සහ කුහරයන් වසා දමමින් සම සෞම්‍ය කරන අතර සම්පූර්ණ තොල් පෙති ලබා ගැනීම පවා සිදු කර ගත හැකි ය. ඩර්මල් ෆිලස් ප්‍රතිකාරය සිදු කල සැනින් සමේ සැබෑ වෙනසක් දැකිය හැකි ය. මෙම ප්‍රතිකාරයේ ප්‍රතිඵල හරහා ස්වාභාවික පෙනුමක් ලැඛෙන අතර මාස හයක කාලයක් පුරා පවතී. අවසානයේ දී ෆිලස් (fillers) සමට අවශෝෂණය වන බැවින් මෙය තාවකාලික ප්‍රතිකාරයක් වේ.

බෝටොක්ස් (Botox) යනු වෛද්‍ය ශ්‍රේණිගත ප්‍රතිකාරයක් වන අතර නළලේ සහ ඇස් වටා, ඇස් බැම සහ කට වටා සමේ ඇති රැලි තාවකාලිකව ඉවත් කිරීම සදහා මාංශපේශීන් තුළට බෝටොක්ස් ලබා දේ. බෝටොක්ස් මාංශපේශීන් මෘදු සහ සැහැල්ලූ කරන බැවින් තරුණ පෙනුමක් ලබා දේ.

ඩර්ඩන්ස් රෝහලේ විශේෂඥ විලේපනවේදීන් සහ ප්ලාස්ටික් ශල්‍යවෛද්‍යවරුන්ගේ අතින් සිදු කරන මෙම ප්‍රතිකාර ස්වාභාවික සුන්දර තරුණ පෙනුමක් ලබා දේ. අවශ්‍ය සියළුම තොරතුරු සහ දැනුම සපයමින් එක් එක් අයට අවශ්‍ය පරිදි උපදේශන සේවාවන් ලබා දෙන ඩර්ඩන්ස් රෝහලේ රූපලාවණ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය ශ්‍රී ලාංකිකයන් අතර ඉතාමත් ප්‍රචලිතය. මෙම ප්‍රතිකාර සම්බන්ධයෙන් රෝගීන් තුළ විශ්වාසය ඇති කරමින් ඔවුන්ගේ සම්පූර්ණ කැමැත්ත ඇතිව සිදු කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් ක්‍රියා කරයි.

උපදේශන සදහා දුරකථන අංක 011 2 140 163 හරහා ඩර්ඩන්ස් රූපලාවණ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය අමතන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *