සියලුම රාජ්‍ය ආයතනවල සහ සෑම නිවසකම ජාතික ධජය ඔසවමු

(කොළඹ, ලංකාපුවත්) – 71 වන ජාතික දිනය වෙනුවෙන් අද සිට ලබන 7 වනදා දක්වා සියලුම රාජ්‍ය ආයතනවල සහ සෑම නිවසකම ජාතික ධජය ඔසවා තබන ලෙස රජය ඉල්ලා සිටියි.

පෙබරවාරි 03 සහ 04 දිනවල දී එම ගොඩනැඟිලි විදුලි ආලෝකයෙන් අලංකාර කිරීමට කටයුතු කරන ලෙස ද රජය වැඩිදුරටත් දන්වා ඇත.

71 වැනි ජාතික දින සැමරුමට සමගාමීව බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනෙහි හැර අන් සියලු දිස්ත්‍රික්කයන්හි උත්සවාකාරයෙන් ජාතික දිනය සැමරීමටත් රටේ සියලු ජාතීන් හා ආගම් නියෝජනය වන පරිදි එම උත්සව සංවිධානය කිරීමටත් අවශ්‍ය උපදෙස් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මේ වනවිටත් ලබා ඇතැයි අභන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා නිවේදනය කරයි.

නිදහස් දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලිහ් මහතා සහ එම මැතිනිය සහභාගී වෙනු ඇත.

මෙවර 71 වන නිදහස් දින සැමරුම 4 වන දා ගාලු මුවදොර පිටියේ දී ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *