කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආයතන රැසකට නව නිලධාරීන්

(කොළඹ, ලංකාපුවත්) –ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය, වී අලෙවි මණ්ඩලය, ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව, ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලය යන ආයතන සඳහා සභාපතිවරු හා අධ්‍යක්ෂක මණ්ඩලයෙහි සාමාජිකයන් අද (05 ) කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතාගෙන් සිය පත්වීම් ලබා ගත්තේය.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් මහාචාර්ය එස්. ඩබ්. සිරිල් මහතා අමාත්‍යවරයා විසින් පත්කොට ඇති අතර, ඒ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ව පාලන අංශයේ සිටි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වරයෙකි. මහාචාර්ය සිරිල් මහතා 2015 වර්ෂයේ සිට 2018 මැයි මස දක්වා කාලය තුළ ජාතික පශු සම්පත් මණ්ඩලය සභාපතිවරයාවශයෙන් මීට පෙර කටයුතු කළ අයෙකි.

වී අලෙවි මණ්ඩලයෙහි සභාපති ලෙස නීතීඥ කස්තුරි අනුරාධනායක මහතා පත්කොට ඇති අතර, මීට පෙර ඔහු ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයහි සභාපතිවරයා ලෙස සුමිත් වර්ණකුලසූරිය මහතා පත්කොට ඇති අතර, ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවෙහි සභාපතිලෙස ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතාද, ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලය සදහා සභාපති ලෙස වෛද්‍ය සෑම් ඩැනියල් මහතාද අමාත්‍යතුමන් විසින් පත්කොට තිබේ.

මීට අමතරව වී අලෙවි මණ්ඩලයෙහි උපසභාපතිවරා ලෙස ඩීඑම්. සෙනරත් බණ්ඩාර විජේකෝන් මහතාද, ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලයහි උපසභාපති ලෙස චානක අරවින්ද මහතාද පත්කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *