මමී 50ක් ඊජිප්තු පුරාවිද්‍යාඥයින්ට හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ටොලමෙයික යුගයට (ක්‍රි.පූ. 305 – 30) අයත් මමී 50 ක් ඊජිප්තු පුරාවිද්‍යාඥයින් පිරිසක් විසින් සොයා ගනු ලැබ ඇතැයි එරට පුරාවිද්‍යා අමාත්‍යාංශය පවසයි.

එසේ හමුවූ මමිවලින් 12 ක් දරුවන්ගේ ය. කයිරෝ අගනුවරට දකුණින් පිහිටි මින්යාහි ටුනා එල්- ගබෙල් ගවේෂණ බිමේ මීටර 9ක් (අඩි 30) ගැඹුරින් වූ භූමදාන කුටිවලින් එම මමී සොයාගෙන ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

ඉන් ඇතැම් ඒවා රෙදිවලින් ඔතා තිබූ අතර සෙසු මමී පාෂාණවලින් තැනුණු දෙන තුළ මෙන් ම දැවයෙන් තැනුණු දෙනවල බහා තිබිණි.

එම මමිවල අනන්‍යතාව නොදන්නා නමුදු ඔවුන් වැදගත් තැනක ලා සලකන ලද්දන් විය හැකි බව නිලධාරීහු පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *