ඇමති මංගල සහ රේගු හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය අතර සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – අමාත්‍ය මංගල සමරවීර මහතා සහ රේගු දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය වන පී. එස්. එම්. චාල්ස් මහත්මිය අතර සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේදී අද (05) පැවැත්වීමට නියමිතය.

රේගු වෘත්තීය සමිති ආරම්භ කර ඇති වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

ඔවුන් මෙලෙස අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක නිරත වන්නේ රේගු දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය වන පී. එස්. එම්. චාල්ස් එම තනතුරෙන් ඉවත් කිරීමට විරෝධය දක්වමින්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *