දුමින්ද දිසානායකට කලාවැව ආසනය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් නායක ලෙස දයාශ්‍රීත තිසේරා මහතා පත් කර තිබේ.

ඒ මහතා ඊයේ(05) දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය. ඒ පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාගේ කාර්යාලයේ දි ය.

මේ අතර,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කලාවැව ආසන සංවිධායක ලෙස දුමින්ද දිසානායක මහතාත්, හොරොව්පතාන ආසන සංවිධායක ලෙස වීරකුමාර දිසානායක මහතාත්,
මැදවච්චිය ආසන සංවිධායක ලෙස තිස්ස කරල්ලියද්ද මහතාත්,
බටහිර අනුරාධපුර ආසන සංවිධායක ලෙස ඩබ්.බී. ඒකනායක මහතාත්,
මිහින්තලය ආසන සංවිධායක ලෙස ඩබ්.කේ. ඉලංගසිංහ මහතාත්,
නැගෙනහිර අනුරාධපුර සංවිධායකවරුන් ලෙස ප්‍රේමසිරි හෙට්ටිආරච්චි, ඩී.පී. බන්දුසේන යන මහත්වරුත්,
කැකිරාව ආසන සංවිධායක ලෙස රොහාන් ජයකොඩි මහතාත් පත් කර තිබේ.

එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස පී.බී. දිසානායක, එම්.හේරත් බණ්ඩා, එම්.ආර්.බී. ඥාණතිලක යන මහත්වරුන් පත් කර ඇත.

එම මහත්වරුන් ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *