මධූෂ් ඇතුළු පිරිසගෙන් ප්‍රශ්න කිරීම් දිගටම

(කොළඹ, ලංකාපුවත්) – ඩුබායිහි හෝටලයක දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ් ඇතුලූ පිරිස සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඊයේ (05) අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීම් ද සිදුව ඇති බව සදහන් වේ.

එසේම මෙම පිරිස මේ වනවිට ඩුබායිහි බන්ධනාගාර සිර මැදිරියක රඳවා සිටින බවද වාර්තා වේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ රුධිර සාම්පල ද ලබාගෙන තිබේ.

මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය, ඩුබායි මාධ්‍යය ද ප‍්‍රමුඛ පුවතක් ලෙස වාර්තා කර තිබෙ. ඒවායේ දැක්වෙන්නේ ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය අපරාධකරුවෙකු සිය රටේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔවුන් සතුව තිබී මත්ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් ද සොයාගත් බව ඩුබායි මාධ්‍ය වාර්තා කර තිබුණි.

ශ‍්‍රී ලංකා සහ ඩුබායි බලධාරීන් එක්ව මෙම මෙහෙයුම සිදු කළ බවත් ඉදිරි පරීක්ෂණ ද දෙරටේ බලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුවන බවත් එහි වැඩිදුරටත් සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − eight =