අමෙරිකා, උතුරු කොරියා නායක දෙවන හමුවට දින නියම වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලෝකයේම අවධානය යොමු වූ අමෙරිකා, උතුරු කොරියා නායක දෙවන හමුව පැවැත්වෙන දිනය සහ ස්ථානය ඊයේ ප්‍රකාශයට පත්කළේය.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රස් මණ්ඩලයේ වාර්ෂික සමුළුවේදී මේ සම්බන්ධයෙන් නිවේදනය කරන ලදි.

ඒ අනුව දෙවන වටයේ සාකච්ඡා ලබන 27, 28 යන දිනයන්හිදී වියට්නාමයේදී පැවැත්වෙනු ඇත.

දෙවන වටයේ සාකච්ඡාවලදී උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබද වැඩිදුරටත් සාකච්ඡා කරනු ඇති බවෙ විදෙස් වාර්තා සදහන් කරනු ලැබේ. එම සාකච්ඡාවලට පෙර සූදානමක් ලෙස උතුරු කොරියාවේ අමෙරිකා නියෝජිතයෙකු වන ස්ටෙෆන් බීගන්, පියොංයැං නගරයට ගොස් සිටි.

අමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියා නායකයා අතර පළමු වටයේ සාකච්ඡා පසුගිය වසරේ ජූනි මාසයේ දී පැවැත්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 − one =