අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 06 – 07 දිනවල

(කොළඹ, ලංකාපුවත්) –මහ කන්නයේ අස්වැන්නෙහි අග්‍රඵලය බුදුන් වහන්සේ වෙත පූජා කිරීමේ ඓතිහාසික උත්සවය -“අලුත් සහල් මංගල්‍යය- 2019″ අප්‍රේල් මස 06 සහ 07 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් අටමස්ථානාධිපති අතිපුජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ මූලිකත්වයෙන් ,කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති පී. හැරිසන් මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණි.

අතිපුජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ පූර්ණ ආශිර්වාදය මේ සඳහා ලැබෙන බවත් මෙවර අලුත් සහල් මංගල්‍යය සඳහා ඒ ඒ දිස්ත්‍රික්කයන් නියෝජනය වන පරිදි සංස්කෘතිකාංග ද එක් කළ යුතු බව එහිදී සාකච්ඡා වූ බව ඇමැතිවරයා කියයි.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා, ගොවිජනසේවා කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එම්.බී.වීරසේකර මහතා ඇතුළු කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන් එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *