ඇන්ජලීනා ජොලී කණගාටුවෙන්

(කොළඹ, ලංකාපුවත්) –ලක්ෂ ගණනක් සරණාගතයන් දුෂ්කර දිවි ගෙවද්දී ඔවුන්ට සහාය වීමට ලෝ වැසියන් අපොහොසත්වීම කණගාටුවට කරුණක් බව ජනප්‍රිය නිළි, ප්‍රකට සමාජ සේවිකා ඇන්ජලීනා ජොලී පවසයි.

ඇය මෙසේ ප්‍රකාශ කළේ බංගලාදේශයේ සරණාගත කඳවුරු වල රැඳී සිටින රොහින්ග්‍යාවරුන් හමු වීමට පැමිණි අවස්ථාවේ දීය.

ඇය පවසන්නේ එවන් කඳවුරු වල සිටින රැඳවියන් වෙනුවෙන් සහන සැලසීමට ජාත්‍යන්තරය අපොහොසත් වී ඇති බවයි. ඒ අනුව බලද්දී රොහින්ග්‍යාවරුන්ට සරණාගත රැකවරණ ලබා දීම සම්බන්ධයෙන් බංගලාදේශ රජයට ස්තූතිවන්ත වන බව ඇය ප්‍රකාශ කළාය.

ඇන්ජලීනා ජොලී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබද විශේෂ නියෝජිතවරියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *