රේගු දූෂණ සෙවීමට කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) –රේගු දෙපාර්තමේන්තුවේ පසුගිය කාලයේ සිදූ වී ඇති දූෂණ පිළිබඳව සොයා බලා පරීක්ෂණ පැවැත්වීමට විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවත් පත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ ඊයේ(06) සවස පැවැති මාධ්‍ය හමුවකදී ය.

වසරකට රජයට රේගු දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 1000කට 1500කට ආසන්න ආදායමක් ලබා ගත හැකි බව අවධාරණය කළ මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා, නමුත්! එහි පවතින විවිධ මාෆියාවන් නිසා ආදායම් කාන්දු වන බව කීය.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරිය ලෙස පී.එම්. එස්. චාල්ර්ස් මහත්මිය ‘යකඩ ගැහැනිය පරිද්දෙන් අවංක, ශක්තිමත් සේවාවක් ඉටු කළ බව පෙන්වාදුන් ඇමැතිවරයා ඇය නැවත එම තනතුරට පත්කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කළ බවද කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *