අන්තර් බන්ධනාගාර කරාතේ ශූරතාවය යාපනය බන්ධනාගාරයට

(කොළඹ, ලංකාපුවත්) – 2018 වර්ෂයේ අන්තර් බන්ධනාගාර කරාතේ තරඟාවලිය පසුගියදා පල්ලන්සේන තරුණ වරඳකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ දී පැවැත්වුනි.

එහි දී ජයග්‍රහණය කරන ලද කණ්ඩායම් සඳහා සහතික පත්‍ර ප්‍රධානෝත්සවය ජනවාරි මස 20 වන දින බන්ධනාගාර ක්‍රීඩා හා විනෝද සමාජයේ ප්‍රධාන ලේකම් බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා) චන්දන ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පවත්වන ලදී.

මෙම කරාතේ තරඟාවලියේ ශූරතාවය යාපනය බන්ධනාගාර කණ්ඩායම ලබාගත් අතර අනුශූරතාවය අඹේපුස්ස බන්ධනාගාර කණ්ඩායම ලබා ගත්තේය.

මෙහි හොඳම ක්‍රීඩකයා ලෙස කන්දෙවත්ත සිරකඳවුරේ I පෙළ ජේලර් සමන්ත ලියනගේ මහතා විසින් හිමිකරගත්හ.

මෙය බන්ධනාගාර කරාතේ ලේකම් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා සංවිධානය කල අතර මෙම අවස්ථාව සඳහා බන්ධනාගාර අධිකාරී ධම්මික දසනායක, ප්‍රධාන ජේලර් එච්.එම්.යූ.එස්.බණ්ඩාර යන මහත්වරු සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *