(කොළඹ, ලංකාපුවත්) – ශ්රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක, ලුතිනන් කර්නල් ඩග්ලස් සී හීස් මහතා ඊයේ (07) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය.
අනතුරුව ඔවුන් ද්වි පාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද කතාබහක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.