ක්‍රිස් ගේල් සහ එවින් ලෙවිස් යළි කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) – එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට ක්‍රිස් ගේල් සහ එවින් ලෙවිස් යළි කැඳවා තිබේ.

පසුගිය වසරේ ජූලි මාසයේදී බංගලාදේශ කණ්ඩායම සමඟ පැවති එක්දින තරඟාවලියෙන් පසු ක්‍රිස් ගේල් කණ්ඩායමට එක්ව ඇත්තේ පළමු වරටයි.

ලෙවිස් පුද්ගලික හේතුවක් මත ඉන්දීය සංචාරයෙන් ඉවත්ව සිටි අතර බංගලාදේශ තරඟ සංචාරයද අහිමිව තිබුණි.

මීට අමතරව පළමු වරට කොදෙව් කණ්ඩායමට නිකොලස් පූරාන් නම් කර ඇති බව වාර්තා වේ.

කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර එක්දින තරඟාවලිය මේ මස 20 වනදා ආරම්භවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *