දකුණ, දකුණු ආසියාවේ හොදම සංචාරක කලාපය කරන බව අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) –දකුණු පළාත දකුණු ආසියාවේ හොඳම සංචාරක කලාපය බවට පත්කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

හදුනාගත් ප‍්‍රදේශ රැසක නව සංචාරක කලාප ආරම්භ කිරිමට ද සැලසුම් කර තිබේ.

අධිවේඟී මාර්ග පහසුකම් පුළුල් වීමත් සමඟ එම කටයුතු වඩාත් කාර්යක්ෂම වනු ඇති බවයි වික‍්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. දියුණු සංචාරක කලාපයක ප‍්‍රතිලාභ ජනතාවට අත්කර දිමට අවශ්‍ය සහාය ලබාදෙන්නැයි අග‍්‍රාමාත්‍යවරයා දකුණු පළාත් සියලු ප‍්‍රාදේශීය සභා නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළකලේ බලපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ගොඩනැගිල්ල ඊයේ(10) ජනතා අයිතියිට පත්කිරිමේ අවස්ථාවට එක්වෙමින්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − 8 =