ට්‍රම්ප් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති ට්‍රම්ප් ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පැය හතරක ශාරීරික පරීක්ෂණයකින් පසු ධවල මන්දිර වෛද්‍යවරයා ප්‍රකාශ කරයි.

ට්‍රම්ප් ගේ ජනාධිපති ධුර කාලය තුළත් ඉන් පසුවත් ඔහු එම තත්ත්වයෙන් පසු වනු ඇති බව අපේක්ෂා කරන බව ද සීන් කොන්ලේ වැඩි දුරටත් සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ මෙම සෞඛ්‍ය පරීක්ෂණය සඳහා වෛද්‍ය කොන්ලෙ සමග විශේෂඥ ව්‍යෛවරුන් 11දෙනකු එක් වූ බව සඳහන් වේ.

72 හැවිරිදි ට්‍රම්ප් මීට පෙර මුහුණ දුන් වෛද්‍ය පරීක්ෂණයේ දී අවම වශයෙන් රාත්තල් 10ක් අඩු කර ගන්නා ලෙස වෛද්‍යවරු නිර්දේශ කර තිබුණ ද ඔහු ඊට උනන්දු වී ඇති බවක් දක්නට නොමැත.

ධවල මන්දිර ආරංචි මාර්ග සඳහන් කරන්නේ වෙනදාට වඩා ඔහු මාලු වර්ග ආහාරයට ගැනීමට යොමු වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *