මැතිවරණයට දින 06යි – නයිජීරියාවේ මැතිවරණ කොමිසමේ කාර්යාලයක් ගිනි ගනියි

(කොළඹ, ලංකාපුවත්) –මහ මැතිවරණයට දින හයක් පමණක් තිබියදී නයිජීරියාවේ මැතිවරණ කොමිසමේ කාර්යාලයක් ගිනි ගෙන හානියට පත් ව තිබේ.

මෙසේ විනාශ වී ඇත්තේ ප්ලැටො ප්‍රාන්ත කාර්යාලය වන අතර ඡන්ද පෙට්ටි, ඡන්ද පත්‍රිකා ඇතුළු ඡන්දයට අදාළ සියලු දේ ගිනිබත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එරට මහ මැතිවරණය එළැඹෙන සෙනසුරාදා පැවැත්වීමට නියමිතය. එහි දී මිලියන 84 කට වැඩි ඡන්දදායකයින් සංඛ්‍යාවක් ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *