කොළඹ ප්‍රදේශ කීපයකට හෙට ජලය කැපේ

(කොළඹ, ලංකාපුවත්) – හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ අවට ප්‍රදේශ රැසකට හෙට(12) පැය 21 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය සදහන් කරයි.

ඒ අනුව හෙට පෙරවරු 08.00 සිට අනිද්දා අළුයම 05.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත

මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + 6 =