ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් අමෙරිකාවේදී දස්කම් පෙන්වයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ ඇරිසෝනා හිදී ඉකුත් දා පැවති මෙසා අර්ධ මැරතන් තරගයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවේ හිරුණි විජේරත්න සමත්විය. මෙරට මැරතන් හා අර්ධ මැරතන් ශ‍්‍රී ලංකා වාර්තාව හිමිකම් කියන්නේද ඇයයි.

හිරුණි මෙම ඉසව්ව නිම කළේ පැයයි මිනිත්තු 14 යි තත්පර 19 ක කාලයක් වැය කරමින්ය.

අමෙරිකාවේ බි‍්‍රට්නි ෆෙවර් එහි රන් පදක්කම දිනා ගත් අතර බි‍්‍රතාන්‍යයේ රෝසී එඞ්වඞ්ස් රිදී පදක්කමත් දිනා ගැනීමට සමත් විය.

හිරුණි මෙහිදී දැක්වූ දක්ෂතාව මෙතෙක් මෙරට ක‍්‍රීඩිකාවක අර්ධ මැරතන් ඉසව්වේ දී දැක්වූ දෙවැනි හොඳම කාලය ද වේ. ඉකුත් වසරේ දී, හිරුණි මෙම තරගයේදීම ජයග‍්‍රාහිකාව වෙමින් ශ‍්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට සමත් වූයේ පැයයි මිනිත්තු 14 යි තත්පර 7 කින් තරගය ජය ගනිමින්ය.

කටාර් හී දෝහා නුවර දී පැවැත්වෙන ලෝක ශූරතා මළල ක‍්‍රීඩා තරගාවලියට සහභාගී වීමේ අපේක්ෂාවෙන් මේ දිනවල පුහුණුවීම් සිදුකරන හිරුණි, 2020 ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ද පසු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × two =