නවදිල්ලි නුවර හෝටලයක ගින්නකින් 17ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – නවදිල්ලියේ සංචාරක හෝටලයක ඇති වූ ගින්නකින් 17 දෙනකු පමණ මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

මිය ගිය පිරිස අතර කාන්තාවක හා දරුවකුද සිටින අතර ගින්න ඇති වූ මොහොතේ ජනේලයෙන් පිටත පැනීම නිසා ඔවුන් මිය ගොස් ඇති බව සඳහන්ය.

ආර්පිට් පැලස් නම් හෝටලේ මෙම ගින්න හට ගෙන තිබෙන්නේ අලුයම 4ට පමණ වන බැවින් හෝටලයේ සිටි බොහෝ දෙනා ඒ වන විට නින්දේ පසු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ගින්න මැඩපැවැත්වීම සඳහා පැය 03 ක පමණ කාලයක් ගතවී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *