උතුරේ ජල ගැටලූවට කඩිනම් විසදුම් ලබාදිය යුතු බව ජනපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) –උතුරේ ජනතාවගේ දුගී භාවය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති ජල ගැටලූවට කඩිනම් විසදුම් ලබාදිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ උතුරු පළාත සදහා යෝජිත ජල ව්‍යාපෘති ආශ්‍රිත ප්‍රගතිය සමාලෝචනය කිරීම වෙනුවෙන් ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.

මෙහි දි අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය වූ එම ප්‍රදේශවල ජනතාවට තම කෘෂිකාර්මික කටයුතු ස`දහා අවශ්‍ය ජල පහසුකම් නිසි ලෙස සම්පාදනය කළහොත් උතුරේ සෙසු සංවර්ධන ගැටලූවලට ද ඒ සමගම විසදුම් හිමිවන බවයි.

මේ අතර රත්නපුර, කෑගල්ල, කලූතර ප්‍රදේශ යටකරමින් ගංවතුර ලෙස නිකරුනේ මහ මුහුදට ගලා බසින ජල කද නළ මගින් උතුරට ගෙන යාමට තමා මීට පෙර ඉදිරිපත් කළ යෝජනාව කඩිනමින් කි්‍රයාවට නැංවීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහි දී බලධාරින්ට පෙන්වා දුන්නේ ය.

පාරිසරික විනාශයකින් තොරව කි්‍රයාත්මක කෙරෙන එම ව්‍යාපෘතිය මගින් කඩිනමි සහ සාර්ථක ප්‍රතිඵල උතුරේ ජනතාවට හිමි වනු ඇති බවට ද ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.

උතුරු පළාතේ කෘෂිකාර්මික කටයුතු සහ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සදහා ක්‍රියාත්මත සෙසු ජල ව්‍යාපෘතිවල ප්‍රගතිය ද මෙහි දී සමාලෝචනයට ලක් කෙරිණි.

යෝජිත උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය, නෙදර්ලන්ත රජයේ ආධාර ඇතිව 2020 දී කි්‍රයාත්මක කිරීමට යෝජිත ,යාපනයට ග`ගක්, ව්‍යාපෘතිය පිළිබ`දව මෙන්ම උතුරු හා උතුරු මැද පළාත ආශ්‍රිතව ජයිකා ආධාර යටතේ සිදුකෙරෙන එල්ලංගා පද්ධති සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබ`දව ද මෙහි දී සාකච්ඡාවට බ`දුන් විය.

මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *