අද සුළං වේගය වැඩිවෙයි

(කොළඹ, ලංකාපුවත්) –දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය අද(13) දිනයේ වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි ඇති විය හැකිය.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර, සුළගේ වේගය පැයට කිලෝමීටර 30-40 ත් අතර වේ.

මන්නාරම සිට කොළඹ හරහා බලපිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ‍විටින් විට පැයට කිලෝමීටර 70 ක් පමණ දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකියි.

සෙසු මුහුදු ප්‍රදේශවල ‍සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව සදහන් වේ.

ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *