“ලක්හිරු සෙවණ” අගමැති අතින් ජනතාවට

(කොළඹ, ලංකාපුවත්) –මත්ද්‍රව්‍ය හා අපරාධ මර්දනය සඳහා ස්වාධීන කොමිෂන් සභා හා ස්වාධීන අධිකරණය පිහිටිවහලක් වූ බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ, මාලිගාවත්ත “ලක්හිරු සෙවණ” නව නිවාස සංකීර්ණයේ දෙවැනි අදියර විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ(12) එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව කියා සිටියේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ පස්වරුවේ එම නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කළේය.

රුපියල් මිලියන 1536ක් ඊට අයෝජනය කර තිබේ. මහල් 11කින් සමන්විත එය, නිවාස ඒකක 304කින් සමන්විතයි. එම නිවාස සංකීර්ණය, විදුලි සෝපාන, ප්‍රජාශාලා ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතයි. අග්‍රාමාත්‍යතුමා එම නිවාස සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය.

කැලණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමේ දී නිවාස අහිමිවන පවුල් සඳහා මෙම නිවාස හිමිවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *