අනතුරට පත් ජීප් රථයේ ගංජා කිලෝ ගණනක්

(කොළඹ, ලංකාපුවත්) –අද(14) අළුයම 3.30ත් 4.00ත් අතර කාලයේදී මරදාන පොලිස් වසමේ ගුවන් පාලමේ ගැටී අනතුරට ලක් වූ ජීප් රථයක් පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝ 68ක් තිබී සොයාගෙන ඇත.

මරදාන පොලිස් වසමේ ගුවන් පාලමේ ගැටී අද අනතුරට ලක් වූ එම ජීප් රථය පරීක්ෂා කිරීම සඳහා මරදාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් රථය අසලට පැමිණීමේදී එම රථයේ සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු පළා ගොස් තිබේ.

පසුව නිලධාරීන් විසින් ජීප් රථය පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝ 68ක් තිබී ඇති අතර ජීප් රථය සහ කේරළ ගංජා තොගය පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *