“ඔස්කාර් 2019” නිර්දේශිත නම් එළිදකී

(කොළඹ, ලංකාපුවත්) – ඇකඩමි සම්මාන උළෙල හෙවත් “ඔස්කාර්” සම්මාන උළෙලේ නිර්දේශිත නාම එළිදක්වා තිබේ.

සිනමා උළෙල පැවැත්වෙන්නේ, මේ මස 25 වැනි දින අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දීය.

මෙවර පැවැත්වෙන්නේ 91 වැනි “ඔස්කා” සම්මාන උළෙලයි. අමෙරිකාව වාර්ෂිකව පවත්වනු ලබන මෙය සංවිධානය කරනු බලන්නේ “ඇකඩමි ඔප් මෝෂන් පික්චර් ඇන්ඩ් සයන්ස්” නම් ආයතනයයි. මෙහිදී සිනමා කර්මාන්තයේ විශිෂ්ඨතා දැක්වූවන් හට විවිධ අංශ ඔස්සේ සම්මාන පිරිණැමෙනු ඇත.

2018 අවුරුද්දේ නිෂ්පාදනය කර ලද “අ කුවයිට් පැලස්”, “අ ස්ටාර් ඊස් බෝරෝන්”, “ඇට් ඒර්ටර්නටිස් ගේට්” යන චිත්‍රපට මෙවර ඔස්කාර් සම්මාන උළෙල සඳහා නිර්දේශ වී ඇති නිර්මාණයි. “රෝම්” හී රංඟනයෙන් දායක වූ “යාලිට්සා ඇපරිසියෝ”, “ද වයිෆ්” හී රඟ පෑ “ගීලීන් කෝලෝස්” හා “ද ෆේවරිට්” චිත්‍රපටයේ රඟ පෑ “ඔලිවියා කොල්මන්” මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළියන් අතර ඉදිරියෙන් සිටි.

“වයිස්” චිත්‍රපටයේ රඟ පෑ “ක්‍රිස්ටියාන් බාලේ” හා “අ ස්ටාර් ඊස් බෝර්න්” හී රඟ පෑ “බ්රැඩ්ලි කූපර්” රංඟනය වෙනුවෙන් දැක්වූ දක්ෂතාවය වෙනුවෙන් මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවන් අතරට තේරී පත්ව තිබෙනවා. “විලියම් ඩෆෝ” ද ඒ අතර සිටි. පළමු ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වූයේ 1929 දීය. 2002 වසරේ සිට සම්මාන උළෙල පවත්වනු ලබන්නේ අමෙරිකාවේ ඩොල්බි රංග ශාලාවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *