21 වන සියවසට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයකට කැපවෙමු – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – 21 වන සියවසට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සදහා කැපවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කුරුණෑගල විශ්වෝදා විද්‍යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊවේ(13) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

මෙම පාසල ඉදිකිරීම සදහා රුපියල් කෝටි 100 ක් වැයකර තිබේ. ඩිජිටල් පන්තිකාමරයක් ඇතුළු නවීන පහසුකම් රැසකින් මෙය සමන්විතය. භාෂා ත්‍රිත්වයෙන්ම අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව මෙහිදී උදාකර දී තිබේ. ගෘහස්ත කි‍්‍රඩාගාර , පිහිනුම් තටාක , විදුහල්පති හා ගුරු නිවාස , ආපනශාලා ඇතුළු පහසුකම් වලින් ද එය සමන්විත වේ.

මිශ‍්‍ර පාසලක් ලෙස කි‍්‍රයාත්මක මෙහි 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්විමටයි නියමිතය.

අගමැතිවරයා කියා සිටියේ රට ඉදිරියට ගෙනයාම සඳහා තාක්ෂණ දැනුම සහ ශිල්ප දැනුමින් යුත් ශ්‍රමිකයින් කණ්ඩායමක් බිහිකළ යුතු බවය. පරිඝණක සහ තොරතුරු තාක්ෂණ කර්මාන්තය මෙරට තුළ ව්‍යාප්ත කිරීම සඳහා ලක්ෂ තුන හමාරක ශ්‍රමිකයින් පිරිසක් බිහිකල යුතුව ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − 4 =