ගිනි පොලියට වැට බඳින ක්ෂුද්‍ර මූල්‍ය පනත සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –ගිනි පොලියට වැට බඳින නව ක්ෂුද්‍ර මූල්‍ය පනත සූදානම් බව ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.

ක්ෂුද්‍ර මුල්‍ය ණය උගුල වෙනුවට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමයට එක් වන ලෙස ද ඇමැතිවරයා ජනතාවට පවසයි. ඇමතිවරයා මේ බව සඳහන් කෙළේ යාපනය වීරසිංහම් ශාලාවේ දී ඊයේ (14) පැවැත්වුණු නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල කාන්තාවන් 45000ක් ලබාගෙන තිබූ ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ ඊට අදාළ පොලී මුදල් කපා හැරීමට අදාළ සහතික පත්‍ර ප්‍රදාන ජාතික උත්සවය අමතමිනි.

එහිදි ඇමතිවරයා මෙසේද කීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවයේ දී යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල කාන්තාවන් 300කට අධික පිරිසකගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීම සංඛේතවත්ව සිදු කෙරිණි.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල 200% තරම් ඉහළ පොලී අනුපාත යටතේ ණය ලබා ගැනීම වෙනුවට සම්පූර්ණයෙන් ම හෝ කොටසක් රජය මගින් පොලී ගෙවනු ලබන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය හා එක්වන ලෙසත් උතුරේ ජනතාවට එය අතිශය වැදගත් වනු ඇති බවත් අමාත්‍ය මංගල සමරවීර මහතා එහි දී කියා සිටියේ ය. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා වන නව නීති රිතිවල අවශ්‍යතාව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ නව ක්ෂුද්‍ර මූල්‍ය පනත සකස් වෙමින් පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *