උණ රෝගයෙන් ග්‍රීසියේ 56ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ග්‍රීසියේ මේ දිනවල පැතිර යන උණ වසංගතය හේතුවෙන් පුද්ගලයින් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එම රෝගයෙන් ආසාදනය වූවන් 61 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. රෝගය වැළදුනු බොහෝ දෙනෙකු අසාද්‍ය තත්ත්වයේ පසුවන බව එරට රෝහල් වාර්තා සදහන් කරනු ලැබේ.

මරණ සංඛ්‍යාව දිගින් දිගටම ඉහළ යා හැකි බව සදහන්ය.

මෙම රෝගය මැඩපැවැත්වීම සදහා එන්නත් ලබාගැනීමේ වැදගත්කම පිලිබද දැනුවත් කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *