නයිජීරියාවේ කල්ගිය ජනපතිවරණයට දින දෙයි

(කොළඹ, ලංකාපුවත්) – නයිජීරියාවේ ජනාධිපතිවරණය පෙබරවාරි 23 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

එය, පසුගිය සෙනසුරාදා ආරම්භවීමට නියමිතව තිබුණ ද මැතිවරණය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර හදිසියේ කල්දමනු ලැබීය. මැතිවරණය කල් දමමින්, එරට මැතිවරණ කොමිසම නිවේදනය කළේ මැතිවරණය පැවැත්වීම සඳහා නිසි වාතාවරණයක් නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් විශාල ලෙස නයිජීයානු රජයට චෝදනා එල්ල විය.

මැතිවරණය සඳහා කෝටි 8ක පමණ පිරිසක් තමන් මනාපය කිරීමට සූදානමින් සිටියද, මැතිවරණය කල් දැමීම නිසා, දැඩි ජනතා විරෝධයක් ද නයිජීරියානු රජයට එල්ල විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *