ඉන්දියා – පකිස්තාන ගැටළුව ගැන UN කණගාටුව

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාව සහ පක්ස්තානය අතර වර්ධනය වෙමින් පවතින ගැටළු තත්වය පිළිබඳව තම කණගාටුව ප්‍රකාශ කරන බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට මැදිහත්වීමට එය සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් හට හැකි බව එහි මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆන් ඩුජාරෙක් ඊයේ කියා සිටියේය.

මීට පෙර අවස්ථාව දී පකිස්තාන විදේශ අමාත්‍ය ෂා මොහොමඩ් කුරේෂි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා හට ලිපියකින් දන්වා සිටියේ, ඉන්දු – පක්ස්ථාන අර්බුදය පිළිබඳව සොයා බලන ලෙසයි. දෙපර්ශවයෙන්ම උපරිම ඉවසීමෙන් කටයුතු කළ යුතු බවත්, ජනතාවගේ ජීවිත අනතුරේ නොදැමීම යුතු බවත්, එක්සත් ජාතීන්ගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆන් කියා සිටි.

මේ අතර සිදුවී තිබෙන ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවත්වන්නැයි, ඉන්දියාව පකිස්ථානයෙන් ඉල්ලා තිබේ.

පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, පවසා තිබුණේ ඉන්දියාවෙන් එල්ල වන ඕනෑම ප්‍රහාරයකට, ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදනම් බවයි. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කාශ්මීරයේ සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් පකිස්තාන බුද්ධි අංශ ඒජන්සියක් සම්බන්ධ බවට ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රකාශ කර සිටි අවස්ථාවේ දීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *