නවම් මහ පෙරහැරේ සධාතුක කරඩුව මංගල හස්තියා මත වඩා හිදුවා පෙරහැර ආරම්භ කිරීම ජනපති අතින් සිදුකෙරේ

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 41 ක් වන නවම් මහ පෙරහැරේ සධාතුක කරඩුව මංගල හස්ති රාජයා මත වඩා හිදුවා චාරිත්‍රානුකූලව පෙරහැර ආරම්භ කිරීම ඊයේ (19) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ජනාධිපතිතුමා ගංගාරාම විහාරස්ථානයේ බුද්ධ මන්දිරය වැද පුදා ගෙන ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව සධාතුක කරඩුව මංගල හස්ති රාජයා මත තැන්පත් කරනු ලැබු අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද ඊට සහභාගි විය.

ගංගාරාම විහාරාධිකාරී පුජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද දායක සභාවේ සභාපති රංජිත් විජේවර්ධන, අමාත්‍යවරුන් වන රුවන් විජේවර්ධන, සාගල රත්නායක, පා.ම මහින්ද අමරවීර, තිලංග සුමතිපාල, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ද තානාපතිවරු ඇතුළු දෙස් විදෙස් බැතිතුමන් අති විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *