වෙනිසියුලා ජනපතිට ආරක්ෂක අංශ වල උපරිම සහාය

(කොළඹ, ලංකාපුවත්) –වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝට උපරිම සහාය ලබාදෙන බව එරට ආරක්ෂක අංශ ප‍්‍රකාශ කරයි.

දේශසීමා ආරක්ෂාව ද වැඩිකර තිබේ.

විපක්ෂ නායක ජුවාන් ග්වයිඩෝට හමුදාව පක්ෂපාතී විය යුතු බවට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් තර්ජනාත්මක අදහසක් පළකර තිබුනි. එසේ නොමැති වුවහොත් ගැටලු මතුවිය හැකි බව ඔහු පෙන්වා දී ඇත.

කෙසේවෙතත් ජනාධිපතිවරයාට පක්ෂපාතීව කටයුතු කරන බව ආරක්ෂක අංශ දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව ඉහල පෙලේ ආරක්ෂක බලධාරීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇති බව සදහන් වේ. ඉදිරියේදී ගත යුතු ක‍්‍රියාමාර්ග පිලිබඳව එහිදී අවධානය යොමු වූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *