ශ්‍රී ලංකන් ගැන සාක්ෂි දෙන්න ඇමති කබීර් එයි

(කොළඹ, ලංකාපුවත්) –අමාත්‍ය කබීර් හෂීම් මහතා ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් හා මිහින් ලංකා මූල්‍ය අක්‍රමිකතා ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණ තිබේ.

2006 ජනවාරි මස 01 වැනි දින සිට 2018 ජනවාරි මස 31 වැනි දින දක්වා වු කාල සිමාව තුළ එම සමාගම්වල සිදුවූ බව පැවසෙන අක‍්‍රමිකතා සොයා බැලීමට පසුගිය වසරේ පෙබරවාරි 14 වනදා සිට මෙම කොමිසම ක්‍රියාත්මකවේ.

විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා කොමිසමේ සභාපති ලෙස කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *