මොරටුව නගරාධිපතිගෙන් අමුතු වැඩක්

(කොළඹ, ලංකාපුවත්) –මොරටුව මහනගර සභාවට අයත් භුමිය තුල දමා තිබු උත්සවයන්හී වේදිකා සදහා යොදා ගන්නා විශාල ප්‍රමාණයේ යකඩ රාමුවක් කපා විකිණීම සදහා ලොරි රථයකට පටවමින් සිටි පුද්ගලයකු මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා විසින් අල්ලාගෙන මොරටුව පොලිස්ථානය වෙත භාරදී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා මත්කුඩු වලට ඇබ්බැහි වු අයෙක් බවත් මේ සදහා අනුබල දෙන ලද බවට සදහන් සැකකරුවෙක් පිළිබඳව තොරතුරු අණාවරණය කරගෙන ඇති අතර එම සැකකරුද අත්අඩංගුවට ගැනිමට නියමිතය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ මොරටුව පොලිස්ථානය විසින් සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *